නැගිට බැලීම




කිල්ගාරා :

මායාව මිත්‍යාවක් වූ දේශයක , ශ්‍රේෂ්ඨ රාජධානියක දෛවය මිහිමත පහළ වූ බලවත්ම මායාකරුගේ උරහිසිත් මත රදා පවතී. නමින් ඔහු..... මර්ලින්..

21 වෙනි සියවස - නොවැම්බර් - ආතර්ගේ මරණයෙන් වසර 1500කට පසුව,

මර්ලින් ඔහුගේ පරම මිතුරා සමග මායාව පිලිබදව කී අයුරු ,ඔහුව මරණයෙන් බේරාගැනීමට මර්ලින් උත්සාහ ගත් අයුරු , ආතර් ගේ දේහය ඇවලොන් විලෙහි පා කළ අයුරු මර්ලින් සිහිනයකින් දකිමින් සිටියේ ය. මර්ලින්, ආතර් නාමය කියවමින් නින්දෙන් කෑගැසුවේ ය . කාමරය තුල ආතර්ගේ නාමය දෝංකාර දුණි . මර්ලින් එකවරම නින්දෙන් අවධි වුණි.

මර්ලින් : ආතර් !

ඉබේම මර්ලින්ගේ මුවින් පිටවුණි . නින්දෙන් අවධි වූ මර්ලින් එකවරම ඔහුගේ ඇදමත වාඩිවුණේය ඔහුගේ දෑස් රන්වන් පාටින් බැබලුණි . කාමරයේ කවුළු වසා තිබුකණ ද මඳ පවනකින් මර්ලින්ගේ හිසකෙස් මත දැවටුණි. එක්වරම වහළය දෙස බැලුවේය. සීලිමේ එල්ලා තිබූ විදුලි පංකාව කිසිදු පාලනයකින් තොරව හඬ නඟමින් කැරකෙන බව ඔහුට වැටහුණේ එවිටයි.

විදුලි පංකාව එහි අක්ෂයෙන් සෑණෙකින් ඉවත් වුණි. එවිට ම මර්ලින් එය නැවැත්වීමට මායාව යොදන අදහසින් ඔහුගේ අත ඉහලට එසෙව්වේ ය. සීලිම් පංකාවේ තල මර්ලින් දෙසට කැරකුණි. ඔහු හිස බේරාගැනීමට හිස නැමුවේය. සීලිම් පංකාවේ තල ඔහුට ඉහලින් කැරකී බිමට කඩා වැටුණි. මර්ලින් වෙව්ලන්නට විය. ඔහු ඔහුගේ හිස දෙයත් අතර රඳවා ගත්තේ ය.

මර්ලින් : එය සිහිනයක් .... එය සිහිනයක් ....

මර්ලින් තමටම කොඳු‍රමින් කීවේය. ඔහු දහඩිහෙන් තෙමී ගොස් ය. ඔහුගේ දුස්ස්වප්නය ඔහුව මහා වියවුලකටත් , කම්පනයකටත් පත් කර තිබුණි. මර්ලින් වෙව්ළුවේය. හුස්ම ගත්තේ ද අපහසුවෙනි.

මර්ලින් : හුස්මගන්න මර්ලින් ...... හුස්මගන්න .....

තමාට ම ඉතා මෘදුව හා සංවේදීව කොඳුරා කීවේය. ඔහු ඇඳේ කෙළවරට පැමිණ වාඩිවුණේ යථා තත්වයට පැමිණීමේ අදහසිනි. ඔහුට පසෙකින් තිබූ මේසය මත තිබූ ඩිජිටල් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව පෙ.ව. 3.07 ලෙස සටහන ව තිබුණි.

ලන්ඩන් නගරයේ හදවතෙහි පිහිටා තිබූ නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් මර්ලින්ගේ සෙවණ බවට පත් ව තිබුණි.

සයනයෙන් නැගිට මර්ලින් කාමරයේ කවුළුව වෙත පිය නැගුවේය. තද වර්ෂාවක් ඇද හැලෙමින් තිබූ ලන්ඩන් නගරයේ වීදි වල මෝටර් රථ එහෙ මෙහෙ ගමන් කරන අයුරු ඔහුට පෙනුණි.

"මර්ලින්" අප ඔහුව දකින්නට පුරුදුව සිටි විලාසයට වඩා මුළුමනින් ම වෙනස් පෙනුමක් දැන් ඔහුට හිමිය. දැන් සිටින පුද්ගලයා කථාව ආරම්භයේ අපට හමු වූ බලාපොරොත්තු වලින් පිරීගිය පුංචි කොලුගැටයාම දැයි වටහා ගැනීම නම් තරමක් අපහසුයි.

මරිලින සිය "වියපත්වීමේ මන්ත්‍රය" භාවිත නොකරන විටක වුව ද ඔහුගේ පෙනුම තරමක් වියපත්ය. අහිමිවීමෙන් හා විඳවීමෙන් ගෙවූ සියවස් ගණනාවක් ඔහුව ඒ තත්වයට පත්කර තිබේ. අවුරුදු 25-35 අතර බාහිර පෙනුමක් ඔහු විසින් දැරුව ද , ඔහුගේ මුහුණ පුරා සියුම් ව වැඩී ඇති රැවුල ඔහුට යම් පරිණත බවක් එක් කරයි.

මර්ලින්ගේ ගෙල වටා කළු පැහැ රජ්ජුවකී. ආතර් සතුව පැව්ති රාජ්‍ය මුද්‍රාව සහිත මුදුව එහි අග කෙළවරෙහි එල්ලී තිබේ. ලන්ඩන් නගරයේ පහළ සිට එන එළියෙන් මුදුවේ ඇති පෙන්ඩ්‍රැගන් කිරීටය දිලිසෙයි. ලන්ඩන‍ය දෙස බලමින් මර්ලින් ඔහුගේ මහපටැගිල්ලෙන් රාජකීය මුද්‍රාවේ මුහුණත පිරිමැද්දේය.

මර්ලින් ඔහුගේ රාත්‍රී ඇදුම උනා දමා දහවලට සුදුසු ඇඳුම්; කබාය , තොප්පිය ඇතිළු සියල්ල ඇඳගත්තේය. ඔහුගේ ඔලගව ද එක් උරහිසකින් එල්ලාගත් මර්ලින් ඔහුගේ නිවසේ ඉදිරි පස දොරටුව අසල හිටගෙන දෑස් වසා වියපත්වීමේ මන්ත්‍රය මැතිරුවේ ය.

මර්ලින් : Min dagan. bepecce me. Adeadap isne gast min freondum and min freadum...

මර්ලින්ගේ මුහුණ ක්‍රමයෙන් රැළි වැටී දශක ගණනවකින් වයස්ගත වූ පෙනුමක් ඔහුට ලැබුණි. මර්ලින්ගේ මුහුණ පුරා ඝනව වැඩුණු ධවල වර්ණ රැවුල ඔහුට බුද්ධිමත් බවත් එක් කර තිබේ. "මහලු එම්රස්". වියපත් වීමේ මායව සම්පූර්ණ වූ පසු ඔහු නිවසින් පිටවුණි.


මතුසම්බන්දයි....