දෙවන කොටස
මහල් නිවාසයේ පියගැට බැස ආ මර්ලින් ලන්ඩන් නගරයේ වීදියක් ඔස්සේ ඇවිද ගියේ ඔහුගේ මළානික මුහුණ පහතට හරවාගෙනය. විවිධ වූ විලාසිතවන්ගෙන් සැරසුණු නොයෙක් විධියේ සිවිල් වැසියන් මර්ලින්ව පසුකරගෙන ගියහ. මර්ලින්ගේ චිත්ත පීඩාවන් ගැන ඒ කිසිවෙකුට වගක් නැත . ඔව්. එය එසේ විය යුතුය . ඔහු පෙර සිටි ලොවට වඩා දැන් ලොව වෙනස්ය.
වනාන්තරය - 01 වන රාත්‍රිය - අතීතාවර්ජනය
(මර්ලින් කථා මාලාවේ 05 වන අදියරෙහි අවසාන කොටස එනම් "දිනයේ වජ්‍රය-02 කොටසේ" අවසාන අර්ධය)
සර් ග්වේන්ගෙන් වන් වූ තැන සිට සර් පර්සිවෙල් , ආතර් හා මර්ලින් සොයාගෙන අශ්වයකු පිට නැග ඉතා විමසිල්ලෙන් වට පිට බලමින් කැළය තුළින් ඉදිරියට ඇදුණේය . අසුපිට නැඟ ඉතා විමසිල්ලෙන් වට පිට බලමින් කැළය තුලින් ඉදිරියට ඇදුණේය . අසුපිට නැඟි මොහොතේ පටන් පර්සිවෙල් ඒ මේ අත විපරම් කළේ , ආතර් හෝ මර්ලින්ගේ සලකුණක් හෝ තිබේ දැයි තහවුරු කර ගැනීමටය. නමුත් වනය තුළ කිසිවක් නොමැති බව වටහාගත් ඔහු වනය පසු කර ඇවලොන් විල්තෙරට පැමිණියේය.
පර්සිවෙල් අසු පිටින් බැස විල දෙසට ගමන් කළේය. මුළු පරිසරයට ම සඳ එළියෙන් නැහැ වී ගොස් තිබිණ සඳ එළියෙන් විල්දිය දීප්තිමත් ව බැබලෙන අයුරු ඔහුට පෙනුණි. පර්සිවෙල් මහත් ඕනෑකමින් විල් ඉවුර පිරික්සුවේ ඔහු සොයනා දේ හමුවේවා යැයි පැතුමෙහි ඔහුගේ විපරම අතරතුර විල්තෙරෙහි කෙළවරක යමෙක් සිටින බව ඔහු දුටුවේ ය.
"ඔව්, ඒ මර්ලින්" පර්සිවෙල් ප්‍රත්‍යකෂ කරගත්තේය. "නමුත් ඇයි ඔහු තනියම?" පර්සිවෙල්ගේ සිත සැනයෙන් හා භීතියෙන් වෙලී ගියේය.
පර්සිවෙල් : මර්ලින් අසලට ලංවී මර්ලින්ව ඇමතුවේය.
පර්සිවෙල් : මර්ලින්..?
නමුත් ඔහු පර්සිවෙල් ව ගණන් ගත්තේ නැත. මර්ලිනගේ දෑස් , මුහුණ කදුලින් තෙත් වී තිබිණ , නමුත් ඔහුගේ අභිනයෙන් , කඳුල ද ඉක්මවා ගිය දුකක් සහ කණගටුවක් ඉස්මතු කළේය.
පර්සිවෙල් : මර්ලින් .. අපේ රජු කොහි ද ?
මර්ලින් : ඔහු යන්න ගියා . මට ඔහුව බේරගන්න නොහැකි වුණා.
මර්ලින්ගේ වදන් පිටවූයේ අධික සිත්තැවුලිනි . ඔහුට එය කියා ගැනීමට හෝ ධෛර්යක් කොහින් ලැබුණාදැයි ඔහු ද නොදැන සිටියේය. මර්ලින්ගේ මෙම ප්‍රකාශය පර්සිවෙල් දැඩි කම්පනයට පත් කළේය. ඔවුන්ගේ රජු... ආතර්... ඔහු මිය ගොසින්. කොතෙකුත් බාධක මධ්‍යයේ වුව ද ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි , මුළු කැම්ලොට් දේශයම ද දිවිහිමියෙන් රැකගත් ඔවුන් සියල්ලගේ පරම මිතුරා ඔවුන්ව හැරගොස් ය. අවසානයේ සියල්ල නිශ්ඵල වී ඇත.
පර්සිවෙල් මර්ලින්ට පසෙකින් හිඳගත්තේය. පර්සිවෙල් ද මර්ලින් සමඟ එක් ව ඇවලොන් විල දෙස බලාගත් වන ම සිටියේ ය. ඔවුන්ගේ සන්තානයන් තුළ පාළුව රජ කලේය. මඳක් වේලා නිහඬව සිටි මර්ලින් නිහැඬියාව බින්දේය.
මර්ලින් : ඔබ තනියම ද ආවේ..?
පර්සිවෙල් : නැහැ... ග්වේන්... ග්වේන් මා සමඟ ආවා...
මර්ලින් : දැන් කොහිද ඔහු..?
පර්සිවෙල් : ඔහු.. ඔහු මියගියා ... අඩුම තරමින් මට ඔහුව හෝ බේරාගැනීමට නොහැකි වුණා..
පර්සිවෙල්ගේ හැඩ තුළ ගැබ් වී තිබුණේ අසීමිත කණගාටුව කි .පර්සිවෙල්ගේ පිළිතුරින් මර්ලින් පුදුම වූයේ නැත. ඔහුට දරාගත හැකි උපරිම ප්‍රමාණයටත් වඩා වඩා මරණයන් ගොන්නක් ඔහු පසුගිය දින කීපය තුළ දැක තිබුණි. ග්වෙන්ගේ මරණය වෙනුවෙන් මර්ලින් සතුව කඳුළු නොතිබිණි. ආතර් වෙනුවෙන් හෙළා ඇති කඳුළු ගංගාව කෙතරම් ද යත් එයින් පර්සිවල්ට ද වැටහුණි. දුක්නබර නිමේෂයකින් පසු පර්සිවල් හිත දැඩිකරගෙන නැඟී සිටියේය. පර්සිවෙල් මර්ලින් වෙත ඔහු අත දිගු කළේ ය.
පර්සිවෙල් : අප නැවත කැම්ලොට් වෙත යායුතුයි මර්ලින්..
මර්ලින් : ඇයි..? ස්වාමියා නොමැති සේවකයකු ... කවුරුන් ද?
පර්සිවෙල් : තවමත් මගේ මිතුරා...
මෙතෙක් වේලා පර්සිවෙල් දෙස නොබලා සිටි මර්ලින් පළමුවරට ඔහු දෙස බැලුවේය. පර්සිවෙල් තවමත් මර්ලින් වෙත අත දිගුකරගෙන ඔහු දෙස කාරුණිකව බලා සිටියේ ය. පර්සිවෙල්ගේ අත දෙස මඳක් වේලා බලා සිටී මර්ලින් ඔහුගේ අත පර්සිවෙල්ගේ අත මත තැබුවේය. පර්සිවෙල්ගේ සහයෙන් නැඟී සිටි මර්ලින් ඔහුගේ පසු පසින් ගමන් කළේය. අවසන් වතාවටත් ඇවලෝන් විල දෙස නැවත හැරී බලා දිගු සුසුමක් හෙලුවේ ආතර් දැන් හෝ නැවත පැමිණේවී යැයි බලාපොරොත්තුවෙනි.
මතුසම්බන්දයි...
ඔබගේ අදහස් , යෝජනා හා චෝදනා පහළින් comment කරන්න...
ඔබගේ අදහස් , යෝජනා හා චෝදනා පහළින් comment කරන්න...
0 Comments