තෙවන කොටස
වර්තමනය
වියපත් මර්ලින් ලන්ඩන් හි වීදි පසුකර තරමක් ග්‍රාමීය වූ පෙදෙසකට ඇතුල් විය. ගස් අතරින් පා නැගූ ඔහු කඳුමුදුණක් මතට පා තැබුවේ ය. කඳු මුදුණ මතට කැම්ලොට් හි දර්ශනය මනාව දිස් වේ. නමුත්... මුල්වරට කැම්ලොට් හි පිවිසුමට පැමිණි මර්ලින් ,එදා දුටු කැම්ලොටයට වඩා අද දකින කැම්ලොටය මුළුමණින් ම වෙනස්ව ගොසිනි. නමුත් සියවස් ගණනාවකින් පසුවත් කැම්ලොට් හි බලකොටුව අදටත් නටබුන් ලෙස ඉතිරිව පවතී. එම නටබුන් මඟින් වුව ද කොතරම් ගාම්භීරත්වයක් එකළ තිබුණේද යන්න සනාත කරගත හැක.
වරක් ඉතා සෞභාග්‍යමත් ව තිබූ රාජධානියක් අද වන විට කාලය හා යුද්ධය විසින් දිරාපත් ව ගිය අබලන් තැනක් බවට පත්කර තිබේ . මර්ලින් වැනි අනවසරයෙන් ඇතුළුවන්නන්ගෙන් බලකොටුව ආරක්ෂා කිරීමට මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක නිලධාරීන්ගෙන් පරිශ්‍රය පිරී ගොස් ය. ඔවුන්ගේ හස්ථයන් හි රැඳි විදුළි පන්දම් වල ආලෝක කඳම්භ ඒ මේ අත සැරිසරන අයුරු වියපත් මර්ලින්ගේ නෙත ගැටුණේය.
කැම්ලොට් හි නටබුන් අතරින් වියපත් මර්ලින් කිසිදු ආයසයකින් තොර ව ආරක්ෂක නිලධාරීන් සහ අවට පීරමින් පවතින ඔවුන්ගේ විදුළි පන්දම් වල ආලෝකය මඟහැර ගියේ ය. ඔහු ප්‍රධාන චතුරස්රයේ පිවිසුමට ළඟාවිය. බලකොටුවෙහි සෙවනැලි අතර සැගවුණු මර්ලින් මාළිගයට ඇතිළු වීමට සුදුසු ආරකෂිත අවස්තවක් ලැබෙන තුරු රැදෙමින් විපරම් කර්මින් සිටියේය. නිමේෂයකින් ඔහු සැඟව සිටි ස්ථානයෙන් සැනෙන් ඉවත් වුණි.
ඔහු ප්‍රධාන චතුරස්‍රය හරහා ඉදිරියට ගමන් කර පියගැටපෙළ නැගීමට අවතීර්න වන විට ම, විදුලි පහන් එළියක් මර්ලින්ගේ පිටුපසට වැදුණි.
ආරක්ෂක නිලධාරී ලුවිස් : මට ඔබට උදව් කළ හැකි ද?
මර්ලින්ට යාර කිහිපයක් දුරින්... සිය රාජකාරිය දේව කාරියකටත් වඩා සළකන ආරක්ෂක නිලධාරී ලුවිස් ය . වියපත් මර්ලින් ආපසු නොහැරී සිය දෑස් වසාගත්තේය . සිදු වූ මෙම අපහසුතාවය පිළිබඳ ඔහු කෝප ගැන්විනි.
මර්ලින් : ඇත්තටම මම ඔබට උදව් කරන්න ද ?
ලුවිස් : ඔබ ඔය අනවසරයෙන් ඇතුළු වෙමින් ඉන්නේ පෞද්ගලික දේපලකට යි.
මර්ලින් :තිබූ ආකරයට නම් එය පෞද්ගලික නොවේ..
වියපත් මර්ලින් ලුවිස් දෙසට හැරෙත් ම ආරක්ෂක නිලධාරිී ලුවිස් සිය විදුලි පන්දම් එළිය ක්‍රමයෙන් පහත් කළේ ය. ආරක්ෂක නිලධාරී ලුවිස් බොරු සිනහවක් මවාගෙන කථාව ආරම්භ කළේ ය,
ලුවිස් : සුබ සන්ධ්‍යාවක් ඇම්බ්‍රෝසියස් !
කරදරකාරී සිතුවිල්ලකින් මර්ලින් ද ප්‍රතිචාර දැක්වූයේ ය.
මර්ලින් : ආ.. ලුවිස්!
ප්රත්යක්ෂව ම ඔවුනොවුන් හඳුනන සෙයකි. වියපත් මර්ලින් ඇම්බ්‍රෝසියස් නම් වු නාමයකින් පෙනී සිට නිරතුවම බලකොටුව තුළට යාමට උත්සාහගෙන ඇති බව ලුවිස් හොඳින් දන්නා කරුණකි.
ලුවිස් : ඔබේ පෙර අනවසර ඇතුළුවීම සිදු වී තවම ගතවුණේ මොහොතයි. නේද ?බලකොටුවට ඇතුළුවීමට ඇති ප්රතිරෝධයට වඩා එයට ඇතුළු වී පිරිසිදු කිරීමට ඔබේ ඇති වුවමනාව බලවත් වගේ . එහෙම නේද?
මර්ලින් : බලකොටුව නිසිලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් මම ඔබට වඩා යමක් කරනවා..
ලුවිස් : ඔබ ඔය අනවසරයෙන් ඇතුළුවන්නේ ප්ලන්කට් මෙනවියගේ පෞද්ගලික දේපලකට.
මර්ලින් : ඇත්තට ? මුළුමනින් ම වැරදියි ලුවිස්. ඔබයි ආතර් රජුගේ දෙපල වෙත අනවසරයෙන් ඇතුළුවෙලා ඉන්නේ..
ලුවිස් : මොන කරදරයක් ද?(තමාටම කොදුරයි)නැවත නැවතත් ඇයි ඔබ එකම දේ පවසන්නේ ?
මර්ලින් : නැවත පමණක් නොවේ. සදාකාලිකව ම, මෙය යි සත්‍යය ඔබ අවසානයේ සත්‍යය දකින තුරුම . මෙය ආතර් රජුගේ බලකොටුව . ඒ වගේ ම දවසක ඔහු නැවත පැමිනෙනවා .
ලුවිස් : ඇම්බ්‍රෝසියස් මේ බලන්න. මීට පෙරත්, මේ දක්වාත් මම බොහෝම විනීතව හැසරුණා . එයින් ගම්‍ය වන්නේ මා ඔබට අවසර දෙනවා කියා නොවෙයි ඔබට බැහැ නැවත නැවතත් මේ ලෙස මෙහි එන්න. මෙම බලකොටුව අයිති ඩාර්ලින් ප්ලන්කට් මෙනව්යට. එහෙම නැතුව ඔබේ මියගිය ආතර් රජුට නොවේ.
ලුවිස්ගේ එම ගොරෝසු ප්‍රකාශය, මර්ලින්ගේ දෑස් තදින් පියවන තරමට ම පීඩාකාරීවිය.
ලුවිස් : මට දැන් ඔබව බලෙන් ම ඉවත් කරන්න වෙනවා . ඊට පෙර ඔබ කරදර නොකර එනවාද? නැද්ද ?
මර්ලින් : ඇත්තටම මම මේ හිතුවේ මං තොරාගන්නේ ඔබේ කුමන විකල්පයද කියලා ... හොඳයි.. මම ඔබේ දෙවැනි ව්කල්පය තෝරගන්නවා. (කේන්තියත් ඉවසීමත් මිශ්‍ර වූ හැගීමෙන් ) මම එන්නේ නෑ..
තවදුරටත් පාලනය කරගත නොහැකි ලෙස කෝපගැන්වුණු මර්ලින් , ආරක්ෂක නිලධාරිී ලුවිස් වෙත සිය හස්තය දිගු කර මායා බලයෙන් ඔහුව සිට් තැනින් අඩි කිහිපයක් එහාට ව්සිකෙරුවේය.
පළමුවෙන් ම ලුවිස් ව වැටෙන්නට ගියේ ගලක් මතටයි. නමුත් මර්ලින් සිය මායා බලයෙන් එය වළක්වා ගලෙහි වැදීමට මොහොතකට පෙර ලුවිස්ව නිශ්චලනය කර ඉන්පසු හිමින් බිම පතිත කළේය.මර්ලින් , ලුවිස් වෙත ළගාවිය . මර්ලින් සිය අනෙක් හස්තයද ඔසවා සිය මායා බලයෙන් ලුවිස්ගේ පියවි සිහිය ඉවත්කර එතැනින් ඉවත්ව ගියේ ය. ඉන්පසු ඔහු මාළිගාවේ පියගැටපෙළ නැගීමට පටන් ගත්තේය.
ඔහු පියගැට පෙල නගිනවාත් සමඟ ම සිය වියපත් වීමේ මායාව ඉවත්ව ගොස් ක්‍රමයෙන් තරුණ මර්ලින් බවට පරිවර්තණය වුණි. මෙලෙස ඉතා පහසුවෙන් මහළු හා තරුණ අවධි අතර සංක්‍රමණය වීමේ හැකියාව සියවස් ගණනවක් පුරාවට සිය මායාව දියුණු කිරීමෙන් ඔහු ලද ත්‍යාගයකි.
01 වන දිනය - අතීතාවර්ජනය - 02
ආතර්ගේ කුටිය තුළට තරමක් කලබලකාරී ස්වරූපයකින් ඇතුළු වූ සර් ලියොන් , ග්වෙන්ව ඇමතුවේය.
ග්වේන් ලියෝන් දෙසට හැරුණාය අන් කවරදාටත් වඩා කුටිය තුළට පැමිනියේ කවුරුන්දැයි අය විමසිල්ලෙන් බැලුවාය.
ලියෝන් : පර්සිවෙල් සහ මර්ලින් මේ දැන් ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුලුවුණා . ඔවුන් දැන් අංගණය තුළට ඇතුළු වෙමිනුයි ඉන්නේ..
ග්වේන් , සිය ශීර්ෂානුමැතිය ලබාදීමට දැඩි ලෙස උත්සහ කළ ද යම්කිසි දරුණු ආකාරයේ යතියක් ඇය ව නැවැත්වී ය.
ලියෝන් : ඔවුන් .... ඔවුන් පමනක් නොවේ .. මළසිරුරකුත් රැගෙනයි ඇවිත් ඇත්තේ..
ග්වේන් : (භීතියෙන්) ආතර්....
ලියෝන් : මට එය නිශ්චිතව ම කිව නොහැකීයි ආර්යාවනී...
ග්වේන් , බොහෝ සෙයින් කලබල වූවා ය. ඇය නොඉවසිලිමත් ව දොරටුව වෙත දිව ගියාය . ඇය හැකිතාක් උපරිම වේගයෙන් ග්‍රිෆින් පියගැටපෙළ ද පසු කර දිව ආවේ ඇය රැජිණියක් බව පවා අමතක ව ගොස් ඇති ලෙසිණි . ඇය පියගැටපෙළ බැස ආ වේගය කෙතරම් ද යත් ඇගේ ගවුම ද ඇයට පිටුපසින් බැලුමක් මෙන් පිම්බී තිබුණි. ග්‍රිෆින් පියගැට පෙළ පසුකර පැමිණි ඈ ප්‍රධාන චතුරස්රයට පිවිසීමට ඇති පියගැටපෙළෙහි ඉහළ ම පියගැටයෙහි නතරවූවා ය.
ඇයට දැකගන්නට ලැබුනේ පර්සිවෙල් හා තවත් නයිට් වරයෙකු ග්වේන්ගේ මළසිරුර ඔසවාගෙන එන ආකාරයයි. ග්වේන් ව දැකීමෙන් ග්වෙන් දැඩි කම්පාවට ලක්විය වරක් බොහෝ තේජාන්විත ව සිටි නයිට්වරයෙකු අද ඔහුගේ මිතුරන්ගේ ආධාරයෙන් ප්‍රණය නිරුද්ධ ව පැමිනෙන අයුරු ග්වෙන් ව දැඩි කණගාටුවකට ලක් කළේය.
පර්සිවෙල් ගුවේන්ගේ සිරුර රැගෙන පියගැට පෙලෙහි මගක් දුර ගිය විට ලියෝන් ව හමුවිණ . ඔහු පර්සිවෙල්ට ග්වේන්ව රැගෙන යාමට සහය වූයේ ය.
මර්ලින් අසුපිටින බසින විට ම ග්වෙන් මර්ලින් අසලට ගියා ය . ග්වෙන්ව දුටු සැණින් මර්ලින් ඔහුගේ සුපුරුදු සේවක ඉරියව්ව ආරූඪ කරගත්තේ ය. ඔහුගේ දෑත් පිටුපසට ගොස් , හිස තරමක් පාහත්වුණි.
හිතෙහි හිරකරගත් හැඟීමත් සහිත ව මර්ලින් කථාවට මුල පිරුවේ ය.
මර්ලින් : ආර්යාවනි .., මම....
මර්ලින්ගේ අපහසුතාවය ග්වෙන් මැනවින් අවබෝධ කර ගත්තාය . තම සැමියා බේරාගැනීමට මර්ලින් ගත් උත්සහයන් සියල්ල අසාර්ථක වී ඇති බව ග්වෙන්ට ද පැහැදිලි විය. ඔව්.. ආතර් මියගොසිනි...
ග්වෙන් : ආතර්...
ඇගේ මුවින් ආතර්ගේ නම පිටවුණි. ග්වෙන් බියෙන් සිටි දේ දැනටමත් සිදු වී හමාරය . ඇයටත් නොදැනීම දෑස් කඳුලින් තෙත් විය ග්වෙන්ගේ මළානික වූ ඉරියව් දුටු මර්ලින්ට ද ඔහුගේ හැගීම් සමඟ පොරබදන්නට සිදු විය .
ප්‍රධාන චතුරස්රයේ පියගැටපෙළහි අවසන් අර්දය බැස ආ ගයස් මර්ලින් ඉදිරියෙහි නතර විය . මර්ලින්ගේ මුහුණෙන් ප්‍රකාශ වූ ගැඹුරු කම්පාව , මර්ලින්ගේ දොම්නස සහ ආර්තගේ නොපැමිණීම යන සියල්ල මර්ලින් අසාර්ථක වූ බව දුටු ගයස් ඔහුව තදින් වැළඳගත්තේ ය.
(මර්ලින් කථා මාලාවෙහි 05 වන අදියරෙහි අවසාන භාගය ; ආතර් මිය ගිය බව සර් ලියෝන් විසින් ප්‍රකාශයට පත් කිරීම හා වැසියන් " රැජිණිය සැරදේවා ! " යි කියන අවස්ථාව)
(සිංහාසනාරූඪ ව ග්වෙනියර් සිටියි. ඇගේ මුහුණින් ප්‍රකාශ වූයේ කම්පාවක් දොම්නසක් පමණි)
මර්ලින් සිය කාමරයේ යහන මත වැතිරි සිටියේ රහසින් හඬමිණි . පවර ගුණැති රජෙකු , හා සියල්ලන් ව රැකගත් මිතුරෙකු අහිමි වීම නිසා ලොවක් ම ශෝක විය යුතු දිනයකත් ඉතා කූට ලෙස හිරු දිලෙමින් තිබීම ඔහුට පිලිකුල් සහගත විය.
"රැජිණට දීර්ඝායු වේවා !" ප්‍රධාන ශාලාවේ සිහසුන් කුටියෙන් නැගෙන මෙම හඬ මළිගාව සිසාරා දොංකාර දුණි . මර්ලින් ඔහුගේ දෑස් කන් වලට තබා සිරකරගත්තේ ප්‍රධාන ශාලාවෙන් නැගෙන දෝංකාරය ඇසීම වැලැක්වීමට යි. නමුත් එයින් කිසිදු පලක් නොවීය . රජු මියගොස්ය රැජිණට දීර්ඝායු ලැබිය යුතුමය..
මතුසම්බන්දයි.....
1 Comments
Hi all.. You can send your feedback...
ReplyDelete