වර්ථමානය





පියගැට පෙළ තරණය කර ආ මර්ලින් මුලින් ම පිවිසුණේ ගයස්ගේ නටබුන් වූ කුටිය තුලටයි. සිය අදිසි ලැයිස්‍තුව පිරික්සූ මර්ලින් කළ යුතු රාජකාරීන් ගැන සිතමින් ඉදිරියට ඇදුණේය. අදිසි ලැයිස්තුව යනු ආතර් නැවත පැමිණෙන විට ඔහුගේ මාළිගය තිවිය යුතු ආකාරය පිළිබඳ මර්ලින්ගේ සිත තුළ නිර්මාණය වූ වැඩ ලැයිස්තුවකි.

මර්ලින් : (තමාට ම කොඳුරයි ) බිම පිරිසිදු කරන්න, නිදන කුටිය අස්කරන්න, කවුළු පියන් පිරිසිඳු කරන්න...

ගයස්ගේ කුටිය හරහා සිය පැරණි කාමරය තුළට ඇතලු වූ මර්ලින් හොඳින් එය දෙස බැලුවේ ය. ඔහු විසින් මිල දී ගත් සබන් දියර පනිට්ටුවක් සහ පිරිසිදු කිරීමේ බුරුසුවන් හැරුණු විට එහි වෙනත් කිසිවක් නොවී ය.

පනිට්ටුව හා බුරුසුව දෑතට ගත් මර්ලින් ආතර්ගේ කුටිය වෙත පිය නැගුවේය. කුටියේ දොරටුව විවෘත කර කාමරයේ මධ්‍යයට ගොස් පනිට්ටුව හා බුරුසුව එතැන ම බිමින් තබා කුටියේ බිම පිරිසිදු කරන්නට පටන් ගත්තේ ය.

ඇත්තෙන් ම අවුරුදු 1500 ක් පුරාවට මර්ලින් ඔහුගේ සුපුරුදු රාජකාරිය එනම් ආතර්ගේ සේවකයා ලෙස ජීවත් වීම සිදු කර තිබේ.

මර්ලින් : කිසි දේකට කණගාටු වෙන්න එපා මගේ රජුනි. මම මේ සියල්ල ම පිරිසිදුව හා හොඳින් තබාගත්තා ඔබ වෙනුවෙන්. මම හිතන්නෙ නැහැ ඔබ අවලාද නැඟූ තරමට ම හොඳයි කියා... නමුත් මම හිතනවා මම තරමක් හොඳ රාජකාරියත් ඉටු කළා කියා...

මර්ලින් තමාට ම කෙඳිරුවේ ය.

සිය රාජකාරිය ඉටුකරන අතරතුර ඔහු , කුටියේ කවුළු තිර රෙදි වලින් වැසී ඇති අයුරු දුටුවේය. " ඇයි අපි හිරු එළිය කුටිය තුළට එන්නට ඉඩ නොහරින්නේ?" මෘදුව සිනාසෙමින් මර්ලින් ඔහුට ම කියා ගත්තේ ය.

බිම පිරිසිදු කිරීම මඳකට නතර කළ ඔහු කවුළුව වෙතට ගොස් දැන් වැරහැලි ව ගිය තිර රෙදි ඉවතට ඇද්දේ ය.

"නැගිට බැබලෙන්න ආතර් " මර්ලින්ගේ මුවින් ඉබේටම පිහිටවුණි.

මර්ලින් ආතර්ගේ කුටිය දෙස නැවත හැරී බැලුවේ ය. ඔහුගේ මුහුණේ සිත්තම් වී තිබූ මඳ සිනහ ව ක්‍රමයෙන් ඉගිලී ගියේ ය. තනිකමෙහි ප්‍රත්‍යක්ෂ දැනීමක් කුටිය පුරා තදින් වෙලී ගොසිනි.



02 වන රාත්‍රිය - අතීතාවර්ජණය - 03


-ආතර්ගේ මරණයෙන් වසර 03 කට පසු-


ගයස් සුප් බඳුනක් මේසය මත තැබුවේ ය. ඔහු මර්ලින්ට හඬගැසුවේ ය.

ගයස් : මර්ලින් .... සුප් සූදානම්...

මර්ලින් පෙනෙන්නට නොමැති හෙයින් ගයස් මර්ලින්ගේ කාමරයේ දොර ළගට ගියේ ය.

ගයස් : මර්ලින්...?

ගයස් මර්ලින්ගේ කාමරයේ දොර වැලමිටින් අනිමින් විවෘතව කළේය . එය හිස් ය. මර්ලින් එහි සිටියේ නැත . ගයස් ගේ කුටියේ දොර "කිරි කිරි" හඬ නඟමින් විවෘත වුයෙන් ගයස් ඒ දෙසට හැරුණේය . දොරටුවෙන් ඇතුලුවුණේ අන් කවරෙකුට හෝ නොවේ ... මර්ලින් ය . ඔහු අතිශය වෙහෙසට පත්ව ඇති බවත් පෙනුණ ද ඔහුගේ මුහුණ දැඩි අධිෂ්ඨානශීලීබවකින් පිරී ගොස් තිබුණි . ඔහු නැවත ආපසු පැමිණ තිබුණේ මේසය මත අමතකව දමා ගිය ආතර්ගේ සන්නාහය රැගෙන යාමට ය.



ගයස් : මම ඔබට සුප් එකක් හැදුවා..

මර්ලින් : ස්තූතියි ගයස්.. මම එය පසුව බොන්නම්.

ගයස් : මර්ලින් , මං හිතන්නේ ඔබ දන්නවා අද ආතර්ගේ ගුණානුස්මරණය බව... ඒ වෙනුවෙන් නිදිවරා සිට ආලෝකය දල්වන්නයි ජනතාව සූදානම් වන්නේ... ඔවුන් අංගනය තුළ එක්රැස් වී වැඩි කාලයක් ගත වී නෑ තවම ... ඔවුන් තවත් ස්වල්ප මොහො‍තකින් ඔවුන්ගේ ඉටිපන්දම් දල්වාවි.. සමහර විට... ඔබත් යා යුතුව තැති ඔවුන් සමඟ...

ගයස්ගේ බැල්ම මඟහරිමින් මර්ලින් පිළිතුරු දුන්නේ ය.

මර්ලින් : මට කරන්න තව දේවල් කිහිපයක් තිබෙනවා.

ගයස් ; අදට අවුරුදු 03 ක් මර්ලින් .. ආතර් වුණත් කැමති වේවි ඔබ එහි යනවා නම්..

මර්ලින් සන්නාහය අතට ගෙන , පිටත් වීම සඳහා දොර ළඟට ගියේ ය.

මර්ලින් : ආතර් කැමති වේවී මම ඔහු වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවට.

ගයස් : මර්ලින්!

ගයස්ගේ ආමන්ත්‍රණයෙන් මර්ලින් ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . නමුත් ඔහු නැවත ගයස් වෙත හැරුණේ නැත.

ගයස් : ඔබට දිගට ම මේ විදිහට ජීවත් වෙන්න බැහැ මර්ලින්.

මර්ලින් දොරටුව විවෘත කරමින් ,

මර්ලින් : ආතර්ගේ සන්නාහයට බැහැනේ එය විසිනම පිරිසිදු වීමට...

ගයස්ගේ ප්‍රකාශයට එලෙස පිළිතුරු දුන් මර්ලින් කුටියෙන් පිට ව ගියේය . ආතර්ගේ සන්නාහය ද රැගත් මර්ලින් , ලියෝන් ව ද පසුකරගෙන ෆීනික්ස් කොරිඩෝව තුලින් ගමන් කාළේ ය.



ලියෝන් : මර්ලින් ... මේ තරම් හදිසියෙන් ඔබ කොහිද යන්නේ...?

මර්ලින් : මට ආතර්ගේ සන්නාහය ඔප දමන්න තිබෙනවා..

ලියෝන් නැවතී , මර්ලින් පිට වන ආකාරය දෙස තරමක් අසීරු බැල්මක් හෙලුවේ ය.
කොරිඩෝව පසුකර ආතර්ගේ කුටිය වෙත පැමිණි මර්ලින් එහි වූ මේසයක් මත තබාගෙන සන්නාහය ඔප දැමීමට පටන් ගත්තේ ය.
මඳ වේලාවකට පසු ව ආතර්ගේ කුටිය වෙතට ග්වෙනවියර් පැමිණියාය. නමුත් ඒ බව මර්ලින් දුටුවේ නැත. ග්වෙන් මර්ලින්ව ඇමතුවා ය.

ග්වෙන් : මර්ලින් ?

මර්ලින් තිගැස්සුණි. ඔහුගේ අතින් ආතර්ගේ හිස් ආවරණය ගිලිහී ගියේ ය. එය පෙරළී ගොස් ග්වෙන්ගේ දෙපා මුළ නැවතුණි. රැජිණ කළුපාට ගවුමකින් සැරසී සිටියේ ආතර්ගේ ගුණානුස්මරණය පිළිබඳ ශෝකය දැක්වීමට ය. ඇගේ කැපී පෙනෙන රමණීයත්වය තුළ වුව ද විශාල දුකක් ගැබ් වී ඇති බව පෙනෙන්නට තිබුණි..
ග්වෙන්ගේ දෙපා මුළ රැදි හිස් ආවරණය අසුලමින් ඇය මර්ලින් සමඟ කථාවකට යොමුවිණි.

ග්වෙන් : ඔබේ දෑතින් මෙය මෙලෙස ගිලිහීයාම , ඒ දවස්වල නම් ආතර්ට හොඳ කරුණක් .. ඔබට අපහස කිරීමට..

සියුම් සිනහවක් රැඳි මුහුණකින් යුතු ව , ග්වෙන් හිස් ආවරණය ආදරයෙන් ස්පර්ෂ කර එය මර්ලින්ගේ අතට භාර දුන්නාය.

මර්ලින් : මට සමාවෙන්න .. මම දැක්කෙ නැහැ ඔබ මෙතන ඉන්නවා කියලා .. මම හිතුවේ මේ වගේ රැයකත් ඔබ ඔබේ අලුත් කුටියේ ඇති කියලා..

ග්වේන් : ඒකට කමක් නෑ . මම හිතුවා අංගනයට යාමට පෙර ආතර්ගේ පැරණි කුටිය බලලා ගියොත් හොදයි කියලා.
ඔබ කුමකට ද සැරසෙන්නේ?

මර්ලින් : ආ... මම මේ ආතර්ගේ සන්නාහය ඔප දමනවා..

මර්ලින්ගේ පිළිතුරින් ග්වෙන්ට යම් කරදරකාරී ස්වභාවයක් දැනුණි.

ග්වෙන් : මර්ලින් ?

මර්ලින් සන්නාහය දෙස ම නෙත් යොමාගෙන සිටියේ ය . ග්වෙන් දෙස නොබැලිමට හේතුවක් ලෙස ඔහු සන්නාහය ඔප දැමීම භාවිත කළේ ඇය දෙස ඍජුව බැලීමට තරම් ප්‍රියක් ඔහුගේ සිතේ නොතිබූ නිසා වෙනි.

ග්වේන් : ආතර්ට ගෞරව කරන්නට ඉටි පන්දම් දල්වන විට ඔබ මා අසල සිටිනවාට මම කැමතියි මර්ලින්..

මර්ලින් : සමාවෙන්න. මට බැහැ. මට කළ දේවල් තිබෙනවා..

ග්වේන් : අනෙක් අයට හැකි වේවි ඔබ එනතුරු රැදී සිටින්න . මම ඉදහිට දැක තිබෙනවා ඔබ විශේෂම අවස්ථා වලට ප්‍රමාද වී හෝ පැමිනෙන අයුරු.

මර්ලින් : මම ගොඩක් කාර්ය බහුලයි ... ආර්යාවනි..

මර්ලින් කොතර්ම් ප්‍රතික්ෂේප කළ ද ග්වේන් ඇගේ ආයාචනය දිඟින් දිගටම සිදු කළා ය.

ග්වෙන් : මර්ලින් .. දැන් මේ හොඳටම ඇති ..
අපි හැමෝට ම ආතර්ව මතක් වෙනවා. නමුත් ඔහු මියගිහින් අදට අවුරුදු 03 ක් වෙනවා , ඔබට බැහැ ජීවිතයට මෙලෙස නිකරුණේ ගෙවීයන්නට ඉඩදෙන්න . මර්ලින් , ඔබ පමණක් නොවෙයි ආතර්ව මතක්වෙන එකම කෙනා . ඔහු මගේ සැමියා...

තරමක් දරුණු ලෙස මර්ලින් ට පිළිතුරු දුන්නේය .

මර්ලින් : ආ.. ඔබේ සැමියාද ? එසේ නම් ඔබට බැහැනේ ලියෝන්ව විවාහ කරගන්න..?

ග්වෙන් : ලියෝන් කියන්නේ හොඳ කෙනෙක්..

මර්ලින් : ආතර්ට වඩා..?

ග්වෙන් : මේක හරිම අසාධරණයි මර්ලින් .... මම ආතර්ට ආදරෙයි.. ඒත්..

මර්ලින් ග්වෙන්ව කපා හරිමින් පිළිතුරු දුන්නේය .

මර්ලින් : ඔහු නැවත් නැගී සිටිනවා ග්වෙන්..

ග්වෙන් : මර්ලින් මම කැම්ලොට්හි රැජිණ. ආතර් වුණත් තේරුම් ගනීවි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මට බොහෝම අසීරු තීරණ ගන්න වන බව.

මර්ලින් : ඔබ හිතනවාද ලියොන් ව රජ කරවන එක ආතර්ට කරන ගෞරවයක් කියා?
ඔබට බලයක් නැහැ රජෙක් ව අභිෂේක ගන්වන්නට. ලියෝන් ඔබේ හවුල්කාර වල්ලභ පුරුෂයා පමණයි. වෙන කිසිවක්  නැහැ. ඔබට බැහැ ආතර්ට මෙලෙස ද්‍රෝහි වන්න.

ග්වෙන් : ඇති මර්ලින් ! දැන් හොදටම ඇති !

ග්වේන්ගේ දෑස් වලින් කදුළු වැගිරුණි . නමුත් ඇය මර්ලින් දෙස බලාගත් වන ම සිටියා ය.

ග්වෙන් : මම හිතන විදිහට, මම දන්නවා අපි වෙනුවෙන් ආතර්ට කරන්නට අවශ්‍ය වුණු දේ . කැම්ලොට්හි පාලිකාව ලෙස ගන්නා තීරණ වලට අවනත වෙන්න. ඒවා පිළිගන්න ඔබටත් සිදු වෙනවා.

අප්‍රාණික නිහැඩියාවක් ඇගේ වචන වලට විරාම තැබුවේය.

මර්ලින් : මට සමාවෙන්න, පමණට වඩා කථා කලාට ,

මර්ලින් යුහුසුළුව ආතර්ගේ සන්නාහය ද රැගෙන,

මර්ලින් : මෙය නම් නියමයි. මට තවත් වැඩ බොහෝමයක් තියනවා , මම අනිවාර්යයෙන්ම කළ යුතු .

ග්වෙන් ඔහු දෙස මහත් ඕනෑ කමින් බැලුවාය. මර්ලින් , කුටියෙන් පිටවීමට සූදානම් ව ...

මර්ලින් : ආර්යාවනි අවසරයි.. !

මතුසම්බදයි...