වර්තමානය
ආතර් : දැන් ඒ සියල්ල අවසන්.
මර්ලින් : මට ඔබව ගොඩක් මතක් වුණා ආතර්..
ආතර් : හොඳයි... දැන් මම ඉන්නවානේ ...
මර්ලින් : ඔව්. ඔබ ඉන්නවා ...
මර්ලින් තවමත් යථා තත්වයට පත් වී තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් " මම දැන් ඉන්නවා " යන වදන් පෙළ ඔහුගේ මනසට ම කිඳා බැස අඟුලු ලා ගත්තේය.
මර්ලින් : ඔබ ඇත්තටම ඉන්නවා..
ආතර් : ඔව්. ඒක හරි.. මම ඇත්තට ම ඉන්නවා..
මර්ලින් නැවතත් ඔහුගේ දෑත් ආතර් වටා යවා. ඔහුව තදින් වැළඳගත්තේය. ඉන් නිමේෂයකින්. පසු ව
ආතර් මර්ලින්ගේ ඇඳුම් දෙස විශේෂයෙන් බලුවේ ය.
ආතර් : මොන විකාරයක් ද ඔබට බැහැ ඔබේ කඳුළු තුල ම ගිලී මියැදෙන්න හොඳ ද ?
මර්ලින් කඳුළු අතරින් සිනාසෙන්නට උත්සහ දැරුවේ ය. ආතර් ඉතා කාරුණිකව මර්ලින්ව ඇමතුවේය .
ආතර් : අවංකව ම මර්ලින් ඔබ නම් විනාශයක් ... එන්න එන්න ... අපි මෙතැනින් ඉක්මනට යමු ඔබව සීතලට ගල් ගැහෙන්න කලින්..
ඔවුන් දෙදෙනා ඉවුරට පැමිණි මොහොතේ පවා මර්ලින් සිටියේ සිදු වූ දෙය අදහාගත නොහැකිව යි. තවමත් ඔහු බිඳවැටී ඇති සෙයකි. මර්ලින්ගේ දෙපා අප්රාණවත් විය . ඔහු පොළව මත පැකිලී වැටුණේ ආතර් ව ඇඳගෙනම ය..
ආතර් : මොකද මේ මර්ලින් ? ඔබේ දේපා ට්ජිබෙන්නේ නැඟී සිටින්න...
මර්ලින් තවමත් ඔහු පැකිලී වටුණු තැනටම ය තවමත් ඔහුට මේ සිදු වූ හදිසි ප්රතිසංගමය වටහාගත නොහක. ආතර් , මර්ලින් ම නැඟිටවිමට හෝ උත්සාහය සෙමින් අතහැර නුහුරට මෙන් ඔහු දෙස බැලුවේය . නිමේෂයක දෙගිඩියාවකින් පසු ව ආතර් මර්ලින් වෙතට යොමු වුණේ ය.
ආතර් : ඔබ මිය ගියාක් මෙන් සීතලයි මර්ලින් ... අපි දැන් ඔබේ මේ තෙත ඇදුම් වියළා ගත යුතුයි.
මර්ලින් : මේ ලෙස මාව රඳවාගෙන ඉන්න ආතර් .. කරුණාකරලා..
ආතර් , මර්ලින් දෙස බැලුවේ ය. මඳ වේලාවක් එසේ බලා ඉඳ ආතර් , මර්ලින් වටා අතක් යැව්වේ ය.
( පෙර දිනක මර්ලින් ආතර් ව රඳවාගෙන සිටි තැන ම අද ආතර් විසින් මර්ලින්ව රඳවාගෙන සිටී.)
ආතර් මර්ලින් සමඟ ඇවලොන් විල් ඉවුරේ සිට කැළය තුලට ගියේ ය.
ආතර් : හොඳයි.... දැන් මේ ඇති මර්ලින් .... ඔබ කඳුළු පිසදාගන්න..
ආතර් මර්ලින්ගේ උරහිස ලයාන්විත ව සොලවා කීවේ ය . මර්ලින් ගැඹුරු නමුත් වෙව්ලන හුස්මක් ද පිටකරමින් , මුහුණේ රැඳුණු කඳුළු පිසදාගත්තේය.
ආතර් : ඔබ . හොදින් ද ?
මර්ලින් : ඔව්.
ආතර් : ඔබ දන්නවා ද යම් උණුසුම් තැනක් , අපට යාමට ?
මර්ලින් : බලකොටුවට මෙතැන් සිට එතරම් දුරක් නෑ .. නමුත් ආතර් ඔබ දැනගත යුතු දෙයක් තිබෙනවා...
මර්ලින් : වක්යය සම්පූර්ණම කරන්නට ප්රතමයෙන් ආතර් සිය හඩ පිටකළේ ය.
ආතර් : හොදයි අපි එහෙනම් කැම්ලොට් වෙත යමු...
මර්ලින් අඩමානයෙන් ආතර් ඩෙස බැලුවේ ය. කම්ලොටයට දැන් උරුම වී ඇති තත්වය ආතර්ට කෙසේ පවසන්නදැයි මර්ලින්ට අවබෝධයක් නොතිබිණි..
මර්ලින් : කැම්ලොට් වලට ??
මතුසම්බන්දයි..
හිතවත් පාඨකයනි.. අප The translator facebook page එක fullow කර ඉදිරියේ දී අප විසින් ඔබ හට ලබාදීමට ඇති අනෙක් වැඩසටහන පිලිබඳව දැනුවත් වන්න..
0 Comments