02 වන රාත්‍රිය - අතීතාවර්ජනය - 04



මර්ලින් හා ගයස් ඔවුන්ගේ කුටි තුළ නින්දේ පසුවුණි . එක්වරම ඇසුණු මර්ලින්ගේ කෑගැසීමෙන් ග‍යස් කලබලයෙන් අවදි විය. මර්ලින් , ආතර්ගේ නාමය කියවමින් කෑමොර දුන්නේ ය..

මර්ලින් : ආතර්..... නැහැ ආතර් ...! ආතර්...!

ගයස් ඉක්මනින් සයනයෙන් නැගිට ඔහුට අසෙකින් වූ මේසය මත තිබූ ඉටිපන්දමත් රැගෙන මර්ලින්ගේ කුටිය වෙත කඩා පැන්නේය . මර්ලින් සිය ඇඳ ඇතිරිලි සමග සටන් කලාක් මෙන් වෙලී සිටියේය . ඔහුගේම පපුවට තදින් පහර දෙමින් කෑමොර දුන්නේය .ඔහු දුස්ස්වප්නයක් දකිමින් සිටි බව ගයස්ට වැටහුණේ ය. ගයස් මර්ලින්ගේ උරහිස් වලින් අල්ලා සෙලෙව්වේය..

ගයස් : මර්ලින්....

මර්ලින් එක්වරම අවධි වුනේය . ඔහු දෑස් රන්වන් පාටින් බැබලුණි . කිසිදු මායා බලයකින් ද , තොරව ගයස්ගේ අතෙහි තිබු ඉටිපන්දමේ සිළුව මිය යන තාරකාවක් මෙන් ස්ඵන්දනය වූයේ එය බිම දැමීමට ගයස්ට බලකරන්නාක් මෙනි . ඉටි පන්දම ගයස්ගේ හස්ථයෙන් ගිලිහුණි. එය පෙරලීගොස් බිම වැටී තිබූ බ්ලැන්කට්ටුවක් සමග ගැටී , බ්ලැන්කෙට්ටුව ගිනිගත්තේ ය. ගයස් ඔහුගේ හස්ථය ගිනිජාලාව වෙත දිගු කර මැතිරුවේය .

ගයස් : Faerblaed wawe !

ගින්න නිවීමට ගයස් ගත් උත්සහය අසාර්ථක වූ හෙයින් ගයස් හඬ නගා මැතිරුවේය .

ගයස් : Faerblaed wawe !

මෙවර ගින්න අතුරුදහන් වුණේ තුනී දුම් ‍රොදක් පමණක් ඉතිරි කරමිනි . මර්ලින් ඔහුගේ ඇඳෙහි පිටුපසට වී හිඳගත්තේය .. තදින් හුස්මගත්තේය ..

මර්ලින් : මට සමාවෙන්න ඔබවත් අවධිකෙරුවට.

පසෙකින් වූ මේසය මත තිබූ කෝප්පය . අතට ගත් ගයස් ගයස් මර්ලින්ගේ පිටට හෙමින් ත්ට්ටුකර කොප්පය මර්ලින්ට දුන්නේය . මර්ලින් එ‍යින් උගුරු කිහිපයක් පානය කලේය.

ගයස් : කණගාටු වෙන්න එපා මර්ලින් . මම ඔබේ ඔය රෝග ලක්ෂණම තිබෙන රෝගීන් අප්‍රමාණ වූ තරම් දැක තිබෙනවා..

මර්ලින් : මයාවෙන් තමන්ගේ කමර වලට ගිනි දැල් වූ තවත් රොගීන් ඔබට මුණගැසී තිබෙනවා ???

මඳ වේලාවන් දෙදෙනා ම නිහඬව සිටියහ .

ගයස් : මට මොකද වුණේ ගයස් ? ඇය මට නින්දෙදි මගේ මයාව පාලකරගන්න බැරි..?

මර්ලින් : ඔබ දැඩි භාවාත්මක කම්පනයකින් පෙලෙනවා . ඔබට ඔය අත්දැකීම සාමන්‍ය දෙයක්නේ මර්ලින්..

මර්ලින් : නමුත් ඔබ කීවානේ මෙය හොඳ අතට හැරෙයි කියලා .. ඒත් දැන් .. එන්න එන්නම නරක අතට හැරෙනවා.. මොකක්ද වෙන්නේ මට මායව මගේ පාලනයට යටත් කරගන්න බැරි වුනොත් ? මම මිනිසුන්ට හානිකර්න්න පටන් ගත්තොතින් මොකද වෙන්නේ ගයස්..?

ගයස් : තවම කිසිම හානියක් වෙලා නෑනේ මෙය අලනය කරගත හැකී . ආරක්ෂිත සිථානයක ඒ කිඅයන්නේ මෙතැන ඔබ නිදාගන්නා තාක් ඔබට බියවීමට හේතුවක් නෑ..

නමුත් මර්ලින්ට ඒ වදන් විශ්වාස නැතුවාක් වැනිය .

ගයස් : සමහර විට ... ඔබේ සිහිනය පිළිබඳ කථා කිරීම ඔබට සැහැල්ලුවක් වේවී .

මර්ලින් : නැවතත් එයමයි ගයස්... ආතර්.. මම ආතර් පිලිබඳවයි සිහිනය දුටුවේ .. මට ඔහුව බේරාගනීමට නොහැකි වුනා .. තම පරම මිතුරාව වත් බේරාගැනීමට නොහැකි වුණු එතෙක් මෙතෙක් මිහිමත පහළ වූ බලවත් ම මායාකරුවා ...

මර්ලින් තමාටම් අපහස කරගත්තේය ..

ගයස් : සමහර විට ආතර් ව බේරාගැනීම ඔබේ දෛවය නොවන්න ඇති මර්ලින් . ඔබේ කර්යය වුණේ ආතර ඔහුගේ කාලය පැමිනෙන තුරු ආරක්ෂාකිරීම හා මගපෙන්වීම පමණයි. ඔබ කීවා නේද , ආතර් නැවත නැගී සිටින බව මහා මකරා ඔබට පැවසුවා කියා..?

මර්ලින් : නමුත් එහි තේරුම කුමක්ද ?

ගයස් : මම නම් විශ්වාස කරන විදිහට ඔහු ඒ කීවේ " ඇල්බියන් දෙශයට ආතර් ව වැඩිම වශයෙන් අවශ්‍ය වූ විට ඔහු නැවත පමින බේරාගනී" කියා

මර්ලින් : ඒත් ... මට ඔහුව වැඩියෙන්ම අවශ්‍යනම් ...

මර්ලින් ව සනහන්නට සැහෙන තරම් පිළිතුරක් ගයස්ට සිතාගැනීමට නොහැකි වුණි , අඩුම තරමේ එක වචනයක් වත්..